මන්ත්‍රීවරුන්ගේ වැටුප් ජවිපෙ අරමුදලට යන එක රටට රහසක් නෙවෙයි – අගමැති

මන්ත්‍රී වැටුප් හෝ කුමන දීමනාවක් වුවද, කලාන්තරයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ගලා යාම රටටට් රහසක් නොවන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේ දි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ජාතික ජනබලවේගයේ ද වැටුප් එලෙස අරමුදලකට එකතු වීම අලුත් කාරණාවක් නොවන බවත් එය ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?