AFC Banner
Empty Ad
Empty Ad

“මධූ” හස්තියා අවසන් ගමන් යයි

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන හිමිපාණන් වහන්සේට අයත් ‘මධූ’ හස්තියා ඊයේ (12) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

අද (13) දිනයේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් මියගිය මධු හස්තියා වෙනුවෙන් ආගමානුකූල වතාවත් සිදු කරමින් පාංසකූලය ලබා දී පැන් වඩා පිං අනුමෝදන් කටයුතු සිදුකර තිබුණා.

මියගිය මධූ හස්තියාට වයස අවුරුදු 26ක් වන අතර වසර 15ක කාලයක් මහියංගණ රජමහා විහාරයේ ඇසළ පෙරහැර සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.

එහිදී පේරාදෙණිය පශූ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් මරණ පරික්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දින මධූ හස්තියා මිය ගිය භූමියේම අවසන් කටයුතු සිදුකළ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?