මධ්‍යසාර භාවිතයෙන් විශාල පිරිසක් ඉවත් වෙයි

පසුගිය මාස 12 තුළ මෙරට ජනගහනයෙන් 70.9% ක් කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇත්තේ 29.1% ක ප්‍රමාණයක්.

ඉන් 43.3%ක් පිරිමි පුද්ගලයින් සහ 2.8% ක් කාන්තාවන් වේ. භාවිතය අඩු වීමට වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමය.