මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම තැපැල් හුවමාරු ගොඩනැඟිල්ලේ අක්‍රීයව ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි වාර්තා වුණේ.
එම විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුව ද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයින්ට සහ කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.
මාසයක කාලයක් ඇතුළත එය යළි සකස් කිරීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව ද එම පෙරමුණ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1