මධ්‍යම ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගැනීමට යොදාගත් පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගිය බවයි පලස්තීන බලධාරීන් පැවසුවේ.
ගාසා හි හමාස් විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ නුසෙයිරාත් කඳවුරු භූමියට ඊයේ (13) මෙම කාලතුවක්කු ප්‍රහාරය එල්ල වූ බවයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කියා සිටියේ තමන් එම වාර්තා පිළිබඳව සොයා බලන බවයි.
මීට පෙර, උතුරු ගාසා තීරයේ වීදියක සෙල්ලම් කරමින් සිටිය දී ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් පස්දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෑත දිනවල ගාසා තීරයේ ගැටුම් ඇති වූ ප්‍රධාන ප්‍රදේශ වූයේ උතුරේ වන අතර, ඊශ්‍රායල හමුදා සතියකට වැඩි කාලයක සිට ප්‍රහාර තීව්ර කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ප්‍රදේශයේ රෝහල්වල සැපයුම් අවසන් වෙමින් පවත නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ රතු කුරුස සංවිධානය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් එම සැපයුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.













