මධ්‍යම කඳුකරය යථාවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දැඩි තීරණයක රජය පසුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව මධ්‍යම කඳුකරයට හානිවන ආකාරයේ කිසිඳු ක්‍රියාවක් ඉදිරියේ දී සිදුකිරීමට ඉඩනොදෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයට අද (13) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එදා ආශ්වාස ප්‍රාශ්වාස කළ මධ්‍යම කඳුකරය අද වනවිට වියලුණු, ඉරිතැලුණු හා අඩපණ වූ මධ්‍යම කඳුකරයක් දක්නට ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, එම මධ්‍යම කඳුකරයට යළි ජීවිය ගෙන එමින් යථාවත් කළ යුතු බවයි අවධාරණය කර සිටියේ.
තිරසාර සංවර්ධයක් රටට අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා, අනාගත පරම්පරාව වෙනුවෙන් මධ්‍යම කඳුකරය රැකගත යුතු බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය කිසිඳු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවයි.



