මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි සහ දැඩි සුලං

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

නෝටන්බ්‍රිජ් හැටන් මාර්ගයේ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරය අසල විමලසුරෙන්ද්‍රගම ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට (29) දින උදැසන යුකැල්ප්ස්ටික් වර්ගයේ ගස් දෙකක් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
ගස් කඩා වැටිමත් සමග ප්‍රධාන මාර්ගය අභියසින් ඇද තිබු විදුලි රැහන් සහ දුරකථන රැහන් පද්ධති වලට දැඩි අලාභ හානි සිදු වි තිබුණි.

විදුලි රැහන් වලට හානි සිදු විම නිසා විමලසුරෙන්ද්‍ර ගම්මානය ඇතුළු නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට විදුලි බලය ඇණහිට ඇත.

පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගගට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති නිසා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ඉන්නේ
12:21
Video thumbnail
අනුර කුමාර ලෝක වාර්තාවක් තියන්න යනවා - අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:44
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51