මදුරෝව අල්ලා ගත් ආකාරයට පුටින්වත් අල්ලා ගන්න – යුක්‍රේන ජනපති ට්‍රම්ප්ට කියයි

ඇමරිකානු හමුදා විසින් එක රැයකින් සිදුකරන ලද මෙහෙයුමකින් වෙනිසියුලානු ඒකාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද ඇමරිකානු හමුදාව රුසියාවට යවා අත්අඩංගුවට ගන්නා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිනවා.

රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයට එරෙහිව හමුදාව මෙහෙයවමින් යුද අපරාධ සිදුකරන අයෙකු බවත් ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු ඇති බවත් වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

සෙනසුරාදා යුරෝපීය ජාතික ආරක්ෂක උපදේශකයින් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් යුක්‍රේනය නායකයා පවසා ඇත්තේ, ඒකාධිපතියන් සමඟ මේ ආකාරයෙන් කටයුතු කළ හැකි නම්, ඊළඟට කුමක් කළ යුතු දැයි එක්සත් ජනපදය දන්නා බවයි.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් වසර තුනක් ගතවී ඇතත්, රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන බැවින්, ට්‍රම්ප් ජනාධිපතිවරයා පුටින්ට ද ඒ ආකාරයෙන්ම කටයුතු කළ යුතු බවට තමන් යෝජනා කරන බවයි වොලොඩිමියර් සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර වෙනිසියුලානු ජනාධිපතිවරයා සමඟ අල්ලා ගත් ඔහුගේ වන බිරිඳ සීලියා ෆ්ලෝරස් නිදහස් කරන ලෙස ට්‍රම්ප් පරිපාලනයට ඉල්ලා සිටි රටවල් කිහිපයක් අතර රුසියාව ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
31
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?