ලිඳුල පොලිස් වසමට අයත් තලවකැලේ – මටුකැලේ වතුයායේ තේ වත්තේ දඩයම්කරුවන් අටවා තිබූ මද්දකට හසු වීමෙන් හොඳින් වැඩුණු කඳුකර කොටියෙකු මියගොස් තිබෙනවා.
මෙම සත්ත්වයා ව ඊයේ (14) දිනයේ දී වනජීවී නිලධාරීන් විසින් බේරාගැනීමට උත්සාහ කිරීමේ දී එම සත්ත්වයා මියගොස් සිටි බවයි නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ.
මියගිය කොටියා සය හැවිරිදි පමණ වයසැති පිරිමි සතෙකු බවත්, මද්දට සත්ත්වයාගේ උගුර ප්‍රදේශය හසු වී සිර වීමෙන් සිදු වූ තුවාල නිසා මරණය සිදු ව ඇති බව ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1