සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට පහරදුන් බව පවසමින් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රෝහල් ගතවී තිබෙනවා.
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රැඳීසිටින කාර්යාලයට අද (30) පෙරවරුවේ සභාපතිවරයා පැමිණ ලේකම්වරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී, ඇයව තල්ලු කළ බව පවසමින් ලේකම්වරිය විසින් මතුගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
පසුව ඇය මතුගම, වෑත්තෑව රෝහලට ඇතුළත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
1




