මතුගම ප්‍රාදේශීය සභාවට ස්වාධීන ව තරග කර, තේරී පත් වූ අපේක්ෂකයෙකුට රුපියල් ලක්ෂ 80 බැගින් ජාතික ජන බලවේගය පක්ෂයෙන් ලබා දීමේ උත්සාහයක් සිදු කර ඇති බව වාර්තා වනවා.
එම ස්වාධීන පක්ෂයෙන් තේරී පත් වූ කසුන් මුණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, එක්තරා මාලිමා රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ද සිය නිවසට පැමිණ පළාත් සභා පිහිටුවීමට මාලිමාවට සහාය ලබාදෙන ලෙසට ඉල්ලූ බවත්, දෙවැනි සාකච්ඡාව කොළඹ දී පැවැත්වුණු බවයි.
තමන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ සිව්දෙනා හට මුදලට යටත් වීමට අවශ්‍ය නම් මීට පෙර එම තීරණය ගන්නා බවත්, මුදලට යටත් වී දේශපාලනය කිරීමට අවැසි නැති බැවින් සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කළ බව ද කසුන් මුණසිංහ මහතා කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවට සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජගත් විතාන ද එක් ව සිටියා.
අදාළ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (29) මතුගම සජබ කාර්‍යාලයේ දී පැවැත්වුණා.















