මතුගම ප්‍රාදේශීය සභාව ජයගත් ස්වාධීන කණ්ඩායම්වලට ලක්ෂ 80ක් මාලිමාවෙන් දෙන්න හදලා (වීඩියෝ)

මතුගම ප්‍රාදේශීය සභාවට ස්වාධීන ව තරග කර, තේරී පත් වූ අපේක්ෂකයෙකුට රුපියල් ලක්ෂ 80 බැගින් ජාතික ජන බලවේගය පක්ෂයෙන් ලබා දීමේ උත්සාහයක් සිදු කර ඇති බව වාර්තා වනවා.

එම ස්වාධීන පක්ෂයෙන් තේරී පත් වූ කසුන් මුණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, එක්තරා මාලිමා රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ද සිය නිවසට පැමිණ පළාත් සභා පිහිටුවීමට මාලිමාවට සහාය ලබාදෙන ලෙසට ඉල්ලූ බවත්, දෙවැනි සාකච්ඡාව කොළඹ දී පැවැත්වුණු බවයි.

තමන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ සිව්දෙනා හට මුදලට යටත් වීමට අවශ්‍ය නම් මීට පෙර එම තීරණය ගන්නා බවත්, මුදලට යටත් වී දේශපාලනය කිරීමට අවැසි නැති බැවින් සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කළ බව ද කසුන් මුණසිංහ මහතා කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජගත් විතාන ද එක් ව සිටියා.

අදාළ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (29) මතුගම සජබ කාර්‍යාලයේ දී පැවැත්වුණා.

  1. එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකුට රු 12500000 ගානෙ ජගත් දීල තමය් මුංව ගත්තේ .ඔය සෙට් එක කොහොමත් මාලිමාවට නොගත්ත එක එක හොදය් .කොට්ඨාසයකට ලක්ෂ 80 එපා තමන්ට පුත්ගලිකව ඉල්ලපු නිසා කියල තමය් මතුගම අපිනම් හොඳින්ම දන්නෙ.

  2. මධ්‍ය සංදර්ශන දන්න නැතිව අල්ලස් කොමිසමට CID එකට මැතිවරණ කොමිසම කියපන් ලක්ෂ 80 සජීයාගෙ අක්කා ගහපූ රුපියල් 5000 කොළවලින් දෙයිද දකින නැහැ බලල ගනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37