මත්පැන් මිල සම්බන්ධ රජයේ තීරණය මෙන්න

මෙම වසරේ මත්පැන් නිෂ්පාදනය 40%කින් කඩා වැටී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එමෙන්ම ඉලක්කගත සුරාබදු ආදායම 30%කින් පහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ මත්පැන් මිල පහළ දැමීමට රජයේ කිසිම සුදානමක් නොමැති බවයි