මත්පැන් බෝතල්වල හොර ස්ටිකර් හඳුනාගන්න නව යෙදුමක් සකසන්න – සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස්

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය 24 වනදා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ගාමිණී වලේබොඩ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.

ව්‍යාජ නිෂ්පාදන වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සඳහා ආරක්ෂක ස්ටිකර් හඳුන්වා දී ඇතත් තවමත් ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් වෙළෙඳපොළේ භාවිත වන බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා .

එමෙන්ම ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත්, මෙහිදී අනාවරණ වුණා.

තවද පසුගිය අයවැයෙන් බදු වැඩිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ වැටීමට හේතු වූ බව මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන් අතර, මිල වැඩි කිරීමට පෙර ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම
අවශ්‍ය බව මෙහිදී කාරක සභාවේ සාමාජිකයින් පෙන්වා දුන්නා.

මත්පැන් සඳහා බදු වැඩිකිරීම සිදුකිරීමේ දී දෙපාර්තමේන්තුව විසින් සුදුසු සමීක්ෂණ සිදුකොට මුදල් අමාත්‍යාංශයට නිසි උපදෙස් ලබාදිය යුතු බවද කාරක සභාවේ අවධාරණය කළා.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන සහල් ඇතුළු අමුද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තු වේ නිලධාරීන් වෙත නියෝග කර සිටියා.

තවද රට තුළ නිෂ්පාදනය වන මත්පැන් ප්‍රමාණය සහ වෙළෙඳපොළට නිකුත් කෙරෙන මත්පැන් ප්‍රමාණය ඇතුළු තොරතුරු සෘජුව පරීක්ෂා කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය යටතේ යාන්ත්‍රණයක් තිබිය යුතු බව ද කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රා අවශ්‍යතාවය සහ කෘතිම රා නිෂ්පාදනයෙන් සිදුවන බලපෑම් සහ රා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව පොල් ගස් වගා කිරීම ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එමෙන්ම බොහෝ මත්පැන් සමාගම්වලින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ බදු මුදල් පවතින බව ද නිලධාරීහු මෙහිදී පැවසූ අතර, එවැනි සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව.. පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23