මත්,ද්‍රව්‍ය ජා6වාරමට ඉන්දියාවේදී ඇල්ලූ දෙදෙනා මධුෂ්, කංජිපානි සහ අංගොඩ ලොක්කා සමඟ සබදතා පැවැත්වූ බවට තොරතුරු

ඉන්දියාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් හෙරොයින් කිලෝ 100ක් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා පිළිබඳ තවත් තොරතුරු රැසක් ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය දා ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධුෂ්, දැනට සිරගතව සිටින කංජිපානි ඉම්රාන් සහ පසුගියදා ඉන්දියාවේදී මියගිය බවට වාර්තා පළ වූ අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සාමාජිකයින් සමඟ මොවුන් ඍජුව සබඳතා පවත්වා ඇති බවටයි.

ඔවුන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප්‍රධානියා වූ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඝාතනයට තැත් කළ එම්.එම්.එම්. නවාස් සහ මොහොමඩ් අෆ්නාස් වන අතර ඔවුන් තවදුරටත් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පසුවනවා.

එම්.එම්.එම්. නවාස් ඉන්දියාවට පළා ගොස් ඇත්තේ නියොමාල් රංගජීව ඝාතනය කිරීමට තැත් කිරීමෙන් අනතුරුව බවටයි වාර්තා වන්නේ.

මොවුන් රාමේෂ්වරම් ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළු වී ඇති අතර චෙන්නායි නගරයෙන් පිටත ජීවත්ව ඇත්තේ රෙදි වෙළදාමේ යෙදෙන පුද්ගලයින් ලෙසටයි.

අන්තර්ජාලය හරහා සහ මෙරට සිම්පත් භාවිත කරමින් ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සබදතා පවත්වාගෙන ගොස් තිබෙනවා.

ව්‍යාජ නම් වලින් ඉන්දියාව තුළ පෙනී සිටි මොවුන් එරට බැංකුවලින් ණය මුදල් ලබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇති බවයි ද හින්දු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ.

මොවුන් දෙදෙනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වා ඇති අතර, පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානයට අයත් ලොව හෙරොයින් නිෂ්පාදනයේ ත්‍රිකෝණය ලෙස සැලකෙන ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන හෙරොයින් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවලට බෙදා හැරීමේ ජාවාරමක්  ද මෙහෙයවා ඇති බවටයි වාර්තා වූයේ.

එසේම මේ වන විට සිරගතව සිටින කංජිපානි ඉම්රාන් සමග බන්ධනාගාරයේ පසුවන පාකිස්තාන ජාතිකයෙකු ද මොවුන් සමග ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම සැකකරුවන් දෙදෙනා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?