මත්ද්‍රව්‍ය රැසක් භාවිතා කළ බස් රියදුරු, කාර් රථයක් අනතුරට පත්කරයි

කුරුසගස් මංසන්දියේදි කාර් රථයක් අනතුරට පත් කිරිම සම්බන්ධයෙන් පොලිසිය විසින්‌ අත්අඩංගුවට ගෙන තිබෙන බස් රථ රියදුරා අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා යන මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි මොරටුව පොලිසිය පවසනවා.

ඊයේ (23) උදැසන කාර් රථයක මෙම බස් රථ රියදුරු අනතුරට ලක් කර ඇති අතර කාර් රථයේ පැමිණි තිදෙනකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එහිදී රියදුරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඔහුව රසායනාගාර වෛද්‍ය පරීක්ෂණයට භාජනය කර ඇති බවත් එහිදී එම වාර්තා අනුව සැකකරු හෙරොයින්,අයිස් සහ කේරළ ගංජා යන මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට තහවුරු වූ බව පොලිසිය පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවක් වන 40 හැවිරිදි එම පුද්ගලයාව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?