මත්ද්‍රව්‍ය බිස්නස් කළ ලංවිම මනු කියවන්නෙකු අත්අඩංගුවට(වීඩියෝ)

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වර්ගයක් වන අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අහුංගල්ලේ සංජීවගේ’ අනුගාමිකයෙකු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; වැලිපැන්න හා අලුත්ගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරගෙන යන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කළ බවයි.

වැලිපැන්න – වළගෙදර පන්සල පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එම නිවසේ කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා

එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.

මෙසේ අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 29ක් වන වැලිපැන්න – වළගෙදර ප්‍රදේශයේ පදිංචි ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව මනු කියවන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අහුංගල්‍ලේ සංජීව නමැත්තාගෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය ඔහුට ලැබෙන බවයි.

ඔහු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය අලුත්ගම, වැලිපැන්න ,මතුගම, ලෙව්වන්දූව ප්‍රදේශවලට මෙන් ම වැලිපැන්න දක්ෂිණ අධිවේගී හුවමාරුවෙන් විවිධ පුද්ගලයින්ට ද අලෙවි කර තිබෙනවා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඔහුට විශාල මුදලක් දිනකට ප්‍රධාන ජාවාරම්කරුගෙන් ලැබී ඇති බවටයි හෙළි ව තිබෙන්නේ.

ඔහුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ දී මෙම ජාවාරම මෙහෙය වූ ජංගම දුරකථනයක් ,මත්ද්‍රව්‍යවල බර කිරීමට භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තරාදියක්, ඇසුරුම් කිරීමට යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (03) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?