මත්ද්‍රව්‍ය බිස්නස් කළ ලංවිම මනු කියවන්නෙකු අත්අඩංගුවට(වීඩියෝ)

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වර්ගයක් වන අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අහුංගල්ලේ සංජීවගේ’ අනුගාමිකයෙකු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; වැලිපැන්න හා අලුත්ගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරගෙන යන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කළ බවයි.

වැලිපැන්න – වළගෙදර පන්සල පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එම නිවසේ කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා

එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.

මෙසේ අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 29ක් වන වැලිපැන්න – වළගෙදර ප්‍රදේශයේ පදිංචි ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව මනු කියවන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අහුංගල්‍ලේ සංජීව නමැත්තාගෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය ඔහුට ලැබෙන බවයි.

ඔහු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය අලුත්ගම, වැලිපැන්න ,මතුගම, ලෙව්වන්දූව ප්‍රදේශවලට මෙන් ම වැලිපැන්න දක්ෂිණ අධිවේගී හුවමාරුවෙන් විවිධ පුද්ගලයින්ට ද අලෙවි කර තිබෙනවා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඔහුට විශාල මුදලක් දිනකට ප්‍රධාන ජාවාරම්කරුගෙන් ලැබී ඇති බවටයි හෙළි ව තිබෙන්නේ.

ඔහුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ දී මෙම ජාවාරම මෙහෙය වූ ජංගම දුරකථනයක් ,මත්ද්‍රව්‍යවල බර කිරීමට භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තරාදියක්, ඇසුරුම් කිරීමට යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (03) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46