මත්ද්‍රව්‍ය පැකට් 228ක් සමඟ පොල්ගහවෙල තරුණ අඹුසැමි යුවළ මාට්ටු

පොල්ගහවෙල ඇතුලූ ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින ලද තරුණ අඹුසැමි යුවළක් පොල්ගහවෙල නගරයේදී අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මත්කුඩු අලෙවි කිරීමට පොල්ගහවෙල නගරයට පැමිණ සිටිය දී හෙරොයින් ග්‍රෑම් 42 ක් සමඟ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පොල්ගහවෙල, මාවත්ත නිවසක සඟවා තිබූ මත්කුඩු ග්‍රෑම් 08 ක් ද පොලිස් සුනඛයන් යොදවා සොයා ගත් බවත් පොලීසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට පත් සම්පූර්ණ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 50 බවත් එහි වටිනාකම ලක්ෂ දහයකට ආසන්න බවත් පොලිසිය වැඩිදුරත් සඳහන් කළා.

මෙම අඹුසැමි යුවළ “ඩුබායි” නමින් පවත්වාගෙන යන Whatsapp Group එකක් හරහා ඊසි කෑෂ් ක්‍රමය මඟින් මත්කුඩු ලබාගන්නා ගැනුම්කරුවන්ට මත්කුඩු තබන ස්ථාන දැනුවත් කර ඇති බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් වයස අවුරුදු 21 හා 27 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් මත්කුඩු බෙදා හැරීමට යොදාගත් යතුරු පැදිය ද පොලිසිය විසින් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?