මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඩුබායි තරංගගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අල්ලයි

ඩුබායි රාජයේ සැඟවසිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඩුබායි තරංගගේ ගෝලයෙකු සහ තවත් අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව කළුතර අපරාධ කොට්ඨාසය ඊයේ (14) දින පානදුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඩුබායි තරංගගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක සහ තවත් අයෙකු හෙරොයින් ග්‍රෑම් 6ක් සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙහි ප්‍රධාන සැකකරු පානදුර වලාන අලුත් පාලම අසල වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

46 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින්වල ප්‍රමාණය ග්‍රෑම් දහයක් වෙයි.

අනෙක් සැකකරු 24 හැවිරිදි පානදුර මෝදර සුනාමි නිවාස සංකීර්ණය පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හයක් සොයා ගෙන තිබෙනවා.

මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න වන අතර මෙම ජාවාරම සිදුකරගෙන ගිය ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් දෙදෙනා පානදුර, මොරටුව, එගොඩඋයන ප්‍රදේශවල බහුල වශයෙන් මෙම ජාවාරම් සිදුකරන බවත්, මීට අමතරව කළුතර, අලුත්ගම, බේරුවල ප්‍රදේශවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා දුරකථන පණිවිඩ ඔස්සේ පානදුර ප්‍රදේශයට ඔවුන් ගෙන්වාගෙන මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද (15) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියණියකගේ A/L සිහිනය බොඳ කරමින් කාමරයක් අළුකළ ගින්න..දියණිය හඬා වැටෙමින් සැමගේ පිහිට පතයි
03:16
Video thumbnail
රටේ ධීවර ප්‍රජාව ඉල්ලන් කෑවා..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34


?