ගාල්ල ගිංතොට ප්‍රදේශයේ කතරගම මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී අද (11) පෙරවරුවේ සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට කුරුඳුවත්ත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
මත්කුඩු පැකට් එකක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි අනාවරණය වන බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයකු බවත් ඝාතනය සිදුකර සැකකරු ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු ද මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවු අයෙකු බව ද පොලිසිය පවසනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1





