මත්කුඩු ආරවුලකට අයෙක් තවකෙක්ට පිහියෙන් ඇන මරා දමයි

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ කතරගම මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී අද (11) පෙරවරුවේ සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට කුරුඳුවත්ත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මත්කුඩු පැකට් එකක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි අනාවරණය වන බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයකු බවත් ඝාතනය සිදුකර සැකකරු ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු ද මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවු අයෙකු බව ද පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14