මඩ ගහන්නේ නැතිව ප්‍රසිද්ධ විවාදයකට එන්න – සජිත්

“මඩ ගහන්නේ නැතිව ප්‍රසිද්ධ විවාදයකට එන්න. ඕනෑම මොහොතක අපි එයට සූදානම්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 148 වැනි අදියර යටතේ අද (10) පුත්තලම, ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රෝහල් උපකරණ, සුහුරු පන්ති කාමර උපකරණ සහ බස් රථ ලබා දීම බෙදිල්ලක් කියමින් අපේ රටේ සමහර පුද්ගලයන් එයට විරුද්ධ වී තමාට විවිධ අන්වර්ත නාම පටබඳිමින් සිටින බවත් එසේ අන්වර්තනාම පටබඳින පුද්ගලයන්ගේ පාසල්වලට ද තමා බස් රථ ලබා දුන් බවත් එසේ පරිත්‍යාග කළ පසුත් එම බස් රථය අබලන් වී ඇති බවට බොරු ප්‍රවෘත්ති සමාජ ගත කරමින් කුහක ක්‍රියා සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

කවුරු හරි වැඩක් කරන විට අප රටේ සමහර පුද්ගලයන්ට බලා සිටිය නොහැකි බවත් කුහකකම ඊර්ෂයාව ඇති මේ පුද්ගලයන් මොන දේ කිව්වත් තමා ඇතුළු සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක රටේ අනාගතය ගැන, ඉදිරිපත් කරන විකල්ප ගැන විවාදයක් කිරීමට සූදානම් බවත් එම විවාදයට එන විට බලයක් නොමැතිව ජනතාවට කර ඇති සේවාව ගැනත් කතා කිරීමට එන ලෙසත් ඒ සඳහා තමා මෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව පවා සූදානම් බවත් විපක්ෂ නායකවරයා ස්ඳහන් කළේය.

චරිත ඝාතන මඩ දේශපාලනය නොව රට ගොඩ නගන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාද කිරීමට එන ලෙසත් තමා ඒ සඳහා කැමැත්තෙන් පැමිණෙමින් සමගි ජන බලවේගයේ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

බංකොලොත් මේ රටේ පාසල් දූ දරුවන්ට සුහුරු පන්ති කාමර උපකරණ බස්, සෞඛ්‍ය සේවය වෙනුවෙන් රෝහල් උපකරණ ලබා දෙන විට විරුද්ධ වන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් සමහර පාසල්වල දරුවන්ට පානය කිරීමට පවා ජලය නොමැති වුවත් දේශපාලනඥයෝ මහ උජාරුවෙන් තමන්ගේ කයිවාරු ගසමින් සිටින බවත් තවදුරටත් කයිවාරු දේශපාලනය වලංගු නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

අද සමගි ජන බලවේගය විසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක්, මැද මාවතක්, තුන්වෙනි මාවතක් ඉදිරිපත් කර ඇති බවත් අන්ත දූෂිත ලුම්පන් ගජමිතුරු ධනවාදයත් නොව ලොවෙන්ම අසමත් වූ ප්‍රතික්ෂේප වූ සමාජවාදී කොමියුනිස්ම් වාදයත් නොවන මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවතක් ඉදිරිපත් කර ඇති මොහොතක මේ සඳහා දේශපාලනඥයෝ බය වී විවේචන කරන බවත් ඵල ඇති රුකට ගල් ගහන නිසා ඒවා තැකීමක් නොකරන බවත් ඔවුන්ට සමාජ සංවර්ධනය පැත්තෙන් සමගි ජන බලවේගයට සම විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඕනෑම අයකුට කයිවාරු ගහන්න, ප්‍රකාශ නිකුත් කරන්න, රැස්වීම් පවත්වන්නේ නොමැතිව තරගයට තමා සමඟ වැඩ කිරීමට එන ලෙසට අභියෝග කරන බවත් මේ මොහොතේ රටට අවශ්‍ය සේවයක් සහ විසඳුමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

ඉංග්‍රීසි භාෂා කේන්ද්‍ර අධ්‍යාපනයට සමහර පුද්ගලයන් විරුද්ධ බවත් බස් බෙදන කොට බස් මෑන් කියන අය මෙන්ම සජිත් දන්නේ බෙදන්න විතරයි කියන මහා ලොකු සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වල පෞද්ගලික විශ්වවිද්‍යාවල, විදෙස් විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා බවත් ඔවුන් තමන්ගේ දරුවන්ට වඩා රටේ දරුවන් ඉගෙන ගන්නවාට කැමති නොවන නිසා මහ පාරේ උද්ඝෝෂණ කරමින් රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාඩ්බෝඩ් සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගියත් රටේ දරුවන්ට ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ඉඩ නොදී ඔවුන් උද්ඝෝෂණය කරන බවත් මේ කුහක ඊර්ෂයා කම නිසා රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය වෙනස් වී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය රට තුළ ඇති කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18