‘මට හුස්ම ගන්න බෑ’ කියූ අම්මා නිවස තුළ කොවිඩ් මාරයාට බිලිවෙයි

සිය නිවස තුළ හදිසියේ මියගොස් සිටි අහංගම ප්‍රදේශයේ  කාන්තාවකගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බව අනාවරණය වී තිබෙනවා. 

ඒ ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මෙය අනාවරණය වූ බවයි ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා පවසන්නේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි සිව්දරු මවක්. 

මෙම කාන්තාව අධි රුධිර පිඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව යන රෝග හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබාගනිමින් සිට තිබෙනවා. 

සිය නිවස තුල සිටිය දී හුස්ම ගැනිමට අපහසු බව ප්‍රකාශ කොට ඇති ඇය ඉන් සුළු මොහොතකට පසුව මියගොස් ඇති බව සඳහන්. 

ඇගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ගෙන ආ පසු සිදු කළ PCR පරීක්ෂණයක දී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් 19 ආසාදිතව සිට ඇති බවට යි. 

කාන්තාවගේ මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ද, පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා මහතා විසින් ද සිදුකරනු ලැබුවා. 

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා තීරණය කළේ මෙම මරණය කොවිඩ් නිව්මොනියාව හේතුවෙන් සිදු වූ බවට යි.

– ලලිත්  චාමින්ද –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49