AFC Banner
Empty Ad
Empty Ad

‘මග නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහි පෙත්සම කැඳවයි

හිටපු බලධාරීන්ගේ බලපෑම් මත නීතියට පටහැනිව ්”මග නැගුම” ආයතනය විසින් ”ටූ කේ.” නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් කෝටි 1 1/2ක මුදලක් නඩු විභාගය අවසන් වනතුරු නොගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ට නියම කළා.

”ටූ කේ.” නැමැති ඉදිකිරීම් සමාගමකට අදාළ රුපියල් කෝටි 1 1/2ක මුදල ගෙවීම අනුමත නොකිරීම හේතුවෙන් ‘මග නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එම නියෝග නිකුත් කළේ.

එම පෙත්සම ඊයේ (26) යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුවා.

‘මඟ නැගුම’ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “මඟ නැගුම’ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් තමන් කටයුතු කළ බවත් මාර්ග ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් ”ටූ කේ.” නමැති ඉදිකිරීම් සමාගමට ගෙවීමට නියමිතව තිබු මුදල් ගෙවා අවසන් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එම මුදල් ගෙවා අවසන් කළ පසු අදාළ සමාගමට රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා ‘මඟ නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලයට දිගින් දිගටම බලපෑම් කළ බව ද සඳහන් කළා.

දිගින් දිගටම එල්ල වන බලපෑම් පිළිබඳව ”මඟ නැගුම” අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළ බවද එම දැනුවත් කිරීම අනුව මෙම මුදල නොගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම සිදුවීම පාදක කරගනිමින් අමාත්‍යංශයෙ හිටපු ලේකම්වරයා විසින් තමා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් කළ බව පෙත්සමේ සඳහන්.

තමා එම ධුරයෙන් ඉවත් කළ පසු වගඋත්තරකකාර අමාත්‍යංශ ලේකම්වරයා විසින් වැඩබලන සභාපතිධුරයට පත් වූ බවත් ඉන් අනතුරුව ඔහු ‘මග නැගුම’ අධ්‍යක්ෂක මණ්ඩලය ද විසුරුවා හල බවත් සඳහන් කරන පෙත්සම්කරු අමාත්‍යංශ ලේකම්වරයා ගත් අදාළ තීරණය බලරහිත කරන නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු තම පෙත්සම විභාග කර තමාගේ මූලික අයිතිවාසිකම් කඩවු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලීමක් ද කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල අදාළ නියෝගය කළේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා ද ”මග නැගුම” ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා ද පෙනී සිටියා.

”ටූ කේ.” නමැති ඉදිකිරීම් සමාගම වෙනුවෙන් නීතිඥ චතුර ගල්හේන මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාලු මුව දොර පිටියේ වාහන බලන්න හදිසියේම ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කඩා පනී
Video thumbnail
🛑Breaking News
02:03
Video thumbnail
දායාසිරි - ජනපතිට රිදෙන්නම දෙසයි / මේවා සමාජයේ විහිළු බවට පත්වෙලා #dayasirijayasekara #akd
03:40
Video thumbnail
රටේ සල්ලි පිටරට හංගපු 27කගේ නම් ටික මෙන්න
04:47
Video thumbnail
ජනවාරි පළවෙනිදා තෙල් මිලේ වෙනසක් ? - අගමැතිනිගෙන් පිළිතුරු
02:37
Video thumbnail
ජනපති නියමයෙන් ඇරුණු අධි ආරක්‍ෂිත කලාපයේ රවුමක් යමුද
03:32
Video thumbnail
🛑Breaking News
02:16
Video thumbnail
රනිල් - සජිත් සාකච්ඡාව ගැන දයාසිරි කට අරී -දේශපාලන අර්බුධයක් ගැන - හෙළිදරව්වක්
02:25
Video thumbnail
අගමැතිනිගෙන් දැඩි තීන්දුවක් - සන්දර්ශන කරන එක අඩු කරන්න ඕනි #hariniamarasuriya #npp
01:46
Video thumbnail
Club වසන්තගේ සිද්ධියේ සැකකරුවන්ට - අද ලැබුණු නියෝගය - ජනපති ආගමනයෙන් සියල්ල උඩු යටිකුරු වෙයි..
01:15

?