‘මග නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහි පෙත්සම කැඳවයි

හිටපු බලධාරීන්ගේ බලපෑම් මත නීතියට පටහැනිව ්”මග නැගුම” ආයතනය විසින් ”ටූ කේ.” නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් කෝටි 1 1/2ක මුදලක් නඩු විභාගය අවසන් වනතුරු නොගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ට නියම කළා.

”ටූ කේ.” නැමැති ඉදිකිරීම් සමාගමකට අදාළ රුපියල් කෝටි 1 1/2ක මුදල ගෙවීම අනුමත නොකිරීම හේතුවෙන් ‘මග නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එම නියෝග නිකුත් කළේ.

එම පෙත්සම ඊයේ (26) යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුවා.

‘මඟ නැගුම’ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “මඟ නැගුම’ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් තමන් කටයුතු කළ බවත් මාර්ග ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් ”ටූ කේ.” නමැති ඉදිකිරීම් සමාගමට ගෙවීමට නියමිතව තිබු මුදල් ගෙවා අවසන් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එම මුදල් ගෙවා අවසන් කළ පසු අදාළ සමාගමට රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා ‘මඟ නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලයට දිගින් දිගටම බලපෑම් කළ බව ද සඳහන් කළා.

දිගින් දිගටම එල්ල වන බලපෑම් පිළිබඳව ”මඟ නැගුම” අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළ බවද එම දැනුවත් කිරීම අනුව මෙම මුදල නොගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම සිදුවීම පාදක කරගනිමින් අමාත්‍යංශයෙ හිටපු ලේකම්වරයා විසින් තමා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් කළ බව පෙත්සමේ සඳහන්.

තමා එම ධුරයෙන් ඉවත් කළ පසු වගඋත්තරකකාර අමාත්‍යංශ ලේකම්වරයා විසින් වැඩබලන සභාපතිධුරයට පත් වූ බවත් ඉන් අනතුරුව ඔහු ‘මග නැගුම’ අධ්‍යක්ෂක මණ්ඩලය ද විසුරුවා හල බවත් සඳහන් කරන පෙත්සම්කරු අමාත්‍යංශ ලේකම්වරයා ගත් අදාළ තීරණය බලරහිත කරන නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු තම පෙත්සම විභාග කර තමාගේ මූලික අයිතිවාසිකම් කඩවු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලීමක් ද කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල අදාළ නියෝගය කළේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා ද ”මග නැගුම” ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා ද පෙනී සිටියා.

”ටූ කේ.” නමැති ඉදිකිරීම් සමාගම වෙනුවෙන් නීතිඥ චතුර ගල්හේන මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56