මග නැගුමෙන් මුදල් සාපරාධී ව පරිහරණයට උදව් දුන් හිටපු නිලධාරීන් දෙදෙනකු රිමාන්ඩ්

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු ලබන 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (27) නියෝග කළා.

මග නැගුම හිටපු නිලධාරීන් වන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරියේ මුදල් අනගිපුරගේ මයිකල් නැමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 2015 අතර කාලය තුළ දී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේ දී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපල පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා ,මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15