Empty Ad
AFC Banner
Empty Ad

මග නැගුමෙන් මුදල් සාපරාධී ව පරිහරණයට උදව් දුන් හිටපු නිලධාරීන් දෙදෙනකු රිමාන්ඩ්

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු ලබන 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (27) නියෝග කළා.

මග නැගුම හිටපු නිලධාරීන් වන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරියේ මුදල් අනගිපුරගේ මයිකල් නැමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 2015 අතර කාලය තුළ දී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේ දී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපල පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා ,මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සඳ බොඳවෙයි - මල මගුලයි ඥානා අක්කටත් කෝටි ගාණක් සල්ලි දීලා
13:09
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් මේ ආණ්ඩු‍වෙන්වත් ගේන්න බැරි ඇයි ?
07:56
Video thumbnail
පොහොට්ටුව ෆයර් වෙයි - උගන්ඩාවේ සල්ලි ගෙනත් පෙන්නන්න
12:33
Video thumbnail
BREAKING NEWS 🔴ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
09:01
Video thumbnail
YOU TUBE චණ්ඩියෙක් දාපු පැමිණිල්ලකට ඉරාජ් පොලිසියට
05:59
Video thumbnail
ජාතික පාසලක ලොගු මගඩියක් - නම් ගම් සියල්ල හෙට එළියට - මෙන්න පැටිකිරිය එළියට
11:49
Video thumbnail
ආණ්ඩුවෙන් එළියට දාපු අලුත්ම ලිස්ට් එක #live #dasathanews #dasathamidnewstoday
01:00
Video thumbnail
මොනවද මේ කුණුහරුප වැඩ - පොල් ගෙඩියක් රු.300ටත් කිට්ටුයි - අසේල සම්පත් ආණ්ඩුව හාන්සි කරවයි
12:38
Video thumbnail
අගමැති හරිනි අලුත්ම ලිස්ට් එකක් එළියට දායි - ලිස්ට් එකේ කොනක අනුරගේ නමත්
08:54
Video thumbnail
විමල් ආණ්ඩුවට උණ ගැනෙන්නම දෙසයි #wimalweerawansa
11:28

?