මගේ මනාප ආයේ ගණින්න – රාජිතගෙන් පෙත්සමක්

ඉකුත් මහමැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන , නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටියේ, ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණනය කිරීමේ දී ඇති වූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ බවයි.

ඔහු පෙන්වාදෙන්නේ, තමා සහ පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයා අතර පවතින මනාප ඡන්ද අතර වෙනස ඡන්ද 119ක් පමණක් බවත් ඡන්ද ගණනය කිරීමේ දී ඇති වූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තත්ත්වය උද්ගත වූ බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කළ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කොට අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?