මගේ ජීවිතේ දසුන් අයියා මැරුණු දවස අමතක වෙන්නෙ නැහැ – සංගීත් ප්‍රභූ

සංගීත්ට ආයෙමත් පුංචි කාලයට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න ආසා කරන්නෙ?

එහෙම එක කාලයක් කියලා නැහැ. පුංචි කාලෙදි මගේ අතින් මඟහැරුණු තැන් තිබුණා. මම පුංචි කාලේ උඩරට නර්තන ශෛලය විතරයි ඉගෙන ගත්තේ. ඉතින් මට ඒ ශෛලයත් එක්ක බැලේ වගේ අනෙකුත් නර්තන ශෛලයනුත් ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි නේද කියලා අද මට හිතෙනවා. ඒ නිසා ආයෙමත් මට පුංචි කාලෙට යන්න ලැබුණොත් ඒ මඟහැරුණු දේවල් ඉගෙන ගන්නවා.

නොහිතපු මොහොතක කලා ක්ෂේත්‍රයෙන් ඔබව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?

මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. මේ ක්ෂේත්‍රයෙන් මාව ප්‍රතික්ෂේප වෙන්න තරම් තාමත් මම කිසිම වැරැද්දක් කරලා නැහැ. මම චරිතයක් බාරගත්තොත් මට කරන්න පුළුවන් උපරිමයෙන්ම ඒ චරිතයට සාධාරණත්වයක් ලබා දෙනවා. යම් හෙයකින් එහෙම ප්‍රතික්ෂේප වුණොත් මම මගේ පාඩුවේ වෙනත් රුකියාවක් ව්‍යාපාරයක් කරගෙන මගේ ජීවිතේ ගෙවනවා.

නොකරපු වරදකට සංගීත්ට දඬුවමක් ලැබෙනවා. එහෙම වුණොත්?

ඔහොම දේවල් මට වෙලා තියෙනවා. යාළුවන්ගේ ප්‍රශ්න, සමහර දේවල්වලදි ඔයා ඒක කිව්වෙ.. කියලා මට චෝදනා කරපු අවස්ථා තියෙනවා. හැබැයි මම ඒ වරද කරලා නැහැ. ඒත් නොකරපු දේවල්වලට මම චෝදනා ලබා තියෙනවා. ඒක වෙනම අමුතු හැඟීමක්. කාලයට ඉඩ දීලා මම ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත්?

දේශපාලනය ගැන මම ලොකුවට දන්නෙ නැහැ. නොදැන අමාරුවේ වැටෙන්න මම කැමති නැහැ. ඒ නිසා මේ ඉන්න විදිහ හොඳයි. මට දේශපාලනය එපා.

හිතපු නැති මොහොතක සංගීත්ට කෝටි ගණනක ලොතරැයියක් ඇදෙනවා. එහෙම වුණොත්?

අම්මෝ… පිස්සු හැදෙයි. එහෙම ලොතරුයියක් ඇදෙනවා නම් මම ආසයි. එහෙම වුණොත් හිතේ කරන්න දේවල් ගොඩක් තියෙනවා. ලොතරුයියක් ඇදෙනවා කියන්නෙත් හීනයක්. ලොතරුයියක් ඇදෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෙ. එහෙම ඇදුණොත් මම ඒ හැබෑවෙච්චි හීනයෙන් මගේ අනිත් හීන ටික හැබෑකර ගන්නවා.

ජීවිතේ වෙච්චි සිදුවීමක් අමතක කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නෙ?

මගේ ජීවිතේ දසුන් අයියා මැරුණු දවස අමතක වෙන්නෙ නැහැ. ඒ මගේ එකම කාමරේ හිටපු සහෝදරයා. අයියා මල්ලි කියන ළෙංගතුකම සෑහෙන්න තිබුණා. මට අයියා කෙනෙක් වගේ සෑහෙන්න දේවල් කියලා දුන්නා. දසුන් අයියාගේ මරණය අමතක කරන්න පුළුවන් නම් මම ඒක අමතක කරනවා.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් සංගීත් ඉගෙන ගන්නෙ මොන ක්ෂේත්‍රයද?

රංගනයට අමතරව මම මේ වෙද්දි රෑපලාවණ්‍ය ශිල්පය පිළිබඳ ඉගෙන ගනිමින් ඉන්නවා. රූපලාවණ්‍ය කටයුතු සම්බන්ධව අත්‍යවශ්‍ය කරුණු ටික මම ඉගෙන ගනිමින් ඉන්නෙ. ඒ නිසා ඉදිරියට ඒ සම්බන්ධව පුළුල්ව ඉගෙන ගන්න උත්සාහ ගන්නවා.

අධ්‍යක්ෂණයට පිවිසෙන්න සංගීත්ට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

අධ්‍යක්ෂණයට පිවිසෙන්න ආසයි. හැබැයි තාමත් මට ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. තාමත් මම ඒකට කූඹියෙක්. තව අවුරුදු දහයක්වත් යාවි. කාලයත් එක්ක වෙනස් දේවල් කරන්න උත්සාහ ගන්නවා. ඒක කාලය තීරණය කරාවි.

ඉතා හොඳ වැටුපකට, ඉතා හොඳ රටක ඉතා හොඳ රුකියාවකට යන්න සංගීත්ට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

දැන්නම් මම එහෙම රට දාලා යන්නෙ නැහැ. මම කලාවට ආදරෙයි. මම ඉපදිලා ඉන්නෙත් රඟපාන්න වෙන්න ඇති. මම ජීවිතේ තව රුකියාවක් කරන්න, තව කෙනෙක් වෙන්න හීන දැක්කෙ නැහැ. මගේ එකම හීනය වුණේ නළුවෙක් වීමයි. ඒ නිසා මම රට දාලා යන එකක් නැහැ.

(දිශානි ජයමාලි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03