AFC Banner
Empty Ad
Empty Ad

මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික

තමන්ගේ ආසනේ කම්කරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ට කසිප්පු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් ඔහු මෙසේ අදහස් පල කරයි. ‘මම කීවේ මහා පරිමාණයෙන් කරන අය අල්ලන්න කියලා. මගේ ආසනේ ගඩොල් පෝරණු තුන්සීයක් විතර තියෙනවා. උළු මෝල් තියෙනවා. කම්කරුවෝ විශාල පිරිසක් ඉන්නවා. මේ අයට තමයි කසිප්පු අවශ්‍ය. මේක ස්වයං රැකියාවක් ලෙස කරන්න දෙන්න කියා මම කිව්වේ නෑ. ජනතාව ස්වයං රැකියාවක් දීලා සුළු පරිමාණ කසිප්පු නිෂ්පාදනයෙන් මුදා ගන්නා ලෙස මම ඉල්ලා සිටියා’

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සම්බන්ධයෙන් ද ඔහු එහිදී මෙසේ අදහස් පල කරයි. ‘එතුමා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. මම කරපු චෝදනා නෙවෙයි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩු. මානව හිමිකම් කොමිසමේ තියෙන නඩු. තුවක්කු දාලා මිනිස්සු අල්ලලා තියෙනවා. කුඩා පරිමාණයෙන් කළ අයට හිරිහැර කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා කසිප්පු ව්‍යාපාරය නතර කරන්න දරන වැඩපිළිවෙළ නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මම ඒක නිසයි ලිපියක් යැවුවෙ.

කසිප්පු ව්‍යාපාරය නැවැත්විය යුතුයි. කුඩා පරිමාණයෙන් කසිප්පු නිපදවන අය පුනරුත්තාපනය කළ යුතුයි. කිසි ලෙසකින් කසිප්පු පෙරන්න ඉල්ලීමක් කළේ නැහැ. කසිප්පු නීතියට පටහැනියි’

lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?