මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික

තමන්ගේ ආසනේ කම්කරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ට කසිප්පු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් ඔහු මෙසේ අදහස් පල කරයි. ‘මම කීවේ මහා පරිමාණයෙන් කරන අය අල්ලන්න කියලා. මගේ ආසනේ ගඩොල් පෝරණු තුන්සීයක් විතර තියෙනවා. උළු මෝල් තියෙනවා. කම්කරුවෝ විශාල පිරිසක් ඉන්නවා. මේ අයට තමයි කසිප්පු අවශ්‍ය. මේක ස්වයං රැකියාවක් ලෙස කරන්න දෙන්න කියා මම කිව්වේ නෑ. ජනතාව ස්වයං රැකියාවක් දීලා සුළු පරිමාණ කසිප්පු නිෂ්පාදනයෙන් මුදා ගන්නා ලෙස මම ඉල්ලා සිටියා’

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සම්බන්ධයෙන් ද ඔහු එහිදී මෙසේ අදහස් පල කරයි. ‘එතුමා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. මම කරපු චෝදනා නෙවෙයි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩු. මානව හිමිකම් කොමිසමේ තියෙන නඩු. තුවක්කු දාලා මිනිස්සු අල්ලලා තියෙනවා. කුඩා පරිමාණයෙන් කළ අයට හිරිහැර කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා කසිප්පු ව්‍යාපාරය නතර කරන්න දරන වැඩපිළිවෙළ නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මම ඒක නිසයි ලිපියක් යැවුවෙ.

කසිප්පු ව්‍යාපාරය නැවැත්විය යුතුයි. කුඩා පරිමාණයෙන් කසිප්පු නිපදවන අය පුනරුත්තාපනය කළ යුතුයි. කිසි ලෙසකින් කසිප්පු පෙරන්න ඉල්ලීමක් කළේ නැහැ. කසිප්පු නීතියට පටහැනියි’

lankacnews



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16