මගීන් 133 දෙනෙකු රැගත් බෝයිං 737 වර්ගයේ චීනයට අයත් ගුවන් යානයක් නිරිතදිග චීනයේ Guangxi ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ගුවන් යානය කඩා වැටීමෙන් පසු එම කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බවත් සිදුව ඇති ජිවිත හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වී නොමැති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ අතර ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයට සහන සේවකයින් යොමු කර ඇති බවයි චීන මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




