මගහැරුණු ක්‍රීඩා විලාසය සොයා රෝහිත් මුම්බායි පුහුණු කඳවුරට

පසුගියදා නිමාවට පත් වූ ඔස්ට්‍රෙලියා – ඉන්දියා තරග 05කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අමිහිරි තරගාවලි පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉන්දීය ප්‍රීමි‍යර් ලීගය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය පුරා ම නායක ෂර්මා අසාර්ථක වූ අතර ඔහුට කිසිදු සාර්ථක ටෙස්ට් ලකුණකට යාමට ඉඩක් ලැබුණේ නැහැ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ; තරගාවලිය පුරා ම අසාර්ථක වූ රෝහිත් ෂර්මා තම අසාර්ථකත්වයට හේතු සොයමින් මෙම මුම්බායි පුහුණු කඳවුරට එක් ව ඇති බවයි.

මෙම මස අග දී පැවැත්වීමට නියමිත රංජි කුසලානයේ (2024-25) දෙවැනි අදියරේ පුහුණු සැසි සඳහායි මුම්බායි සංචිතය සමග රෝහිත් ෂර්මා එක් ව ඇත්තේ.

ෂර්මා සිය පුහුණුවීම් අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඇරඹුවේ පැය දෙකක මධ්‍ය කඩුලු සැසියක් ලෙසයි.

ජම්මු සහ කාශ්මීරයට එරෙහි ව ඔවුන්ගේ හයවන වටයේ ගෘහස්ථ තරගය සඳහා මුම්බායිවරුන් සතිය පුරා පුහුණුවීම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් රංජි කුසලානය සඳහා රෝහිත් පැමිණෙනවා ද නැද්ද යන වග මෙතෙක් තහවුරු කිරීමක් ද කළ නැහැ.

නමුත් ප්‍රධාන පුහුණුකරු ඕම්කාර් සල්වි සමඟ සාකච්ඡා කර කණ්ඩායම සමඟ පුහුණු වීමට ඔහු දක්වන උනන්දුවෙන් පෙනී යන්නේ ඉතිරි තරග දෙකෙන් එකක් සඳහාවත් ෂර්මා ව ලබා ගත හැකි විය හැකි බවයි.

මුම්බායි ක්‍රිකට් සංගමය (MCA) මෙම සතිය අග දී සංචිතය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?