භූ කම්පනයේ මරණ 15000 ඉක්මවයි

තුර්කිය සහ සිරියාවේ භූ කම්පනයෙන් පුරා මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා.

ද්විත්ව භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පුද්ගලයන් 12,391ක් මිය ගොස් ඇති බවටයි බලධාරීන් තහවුරු කර ඇත්තේ.

සිරියානු රජයේ නිලධාරීන් සහ වයඹ දිග සිරියාවේ කැරලිකරුවන්ගේ ගලවා ගැනීමේ කණ්ඩායමකට අනුව, එහි මියගිය සංඛ්‍යාව 2,992 දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,383 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සහන කණ්ඩායම් අනාවැකි පළ කර ඇත්තේ දෙරටේම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි.

මේ අතර තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීමේදී හා සහන සැලසීමේදී රජය අතින් යම් යම් ගැටලු සිදුවූ බව එරට ජනාධිපති රිසෙප් තායිප් අඩර්ගෝඩ්න් පවසනවා.

ඒ, විපක්ෂය ඇතුලු විවේචකයින් එල්ලකරන දැඩි විවේචනවලට ප්‍රතිචාර දක්වමින්.

එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.

හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී බවත්, රජයේ සූදානම දුර්වල බවත් විවේචකයින් දිගින දිගටම චෝදනා කරනවා. මෙම ව්‍යවසනයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් එරට විපක්ෂයේ අදහසයි.

එහෙත් එරට ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙවන් ව්‍යවසනකාරී කාල පරිච්චේදයකදී අවශ්‍ය වන්නේ එක්සත් භාවය බවයි. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මඩ ගැසීම් නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

විපතට පත්වූවන්ට ආධාර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක් ලබාදීමටයි යුරෝපා සංගමය මේ වන විට තීරණය කර ඇත්තේ. භූමිකම්පාවෙන් පසු රටවල් දෙකේම සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13