AFC Banner
AFC Banner
Empty Ad

භූ කම්පනයේ මරණ 15000 ඉක්මවයි

තුර්කිය සහ සිරියාවේ භූ කම්පනයෙන් පුරා මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා.

ද්විත්ව භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පුද්ගලයන් 12,391ක් මිය ගොස් ඇති බවටයි බලධාරීන් තහවුරු කර ඇත්තේ.

සිරියානු රජයේ නිලධාරීන් සහ වයඹ දිග සිරියාවේ කැරලිකරුවන්ගේ ගලවා ගැනීමේ කණ්ඩායමකට අනුව, එහි මියගිය සංඛ්‍යාව 2,992 දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,383 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සහන කණ්ඩායම් අනාවැකි පළ කර ඇත්තේ දෙරටේම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි.

මේ අතර තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීමේදී හා සහන සැලසීමේදී රජය අතින් යම් යම් ගැටලු සිදුවූ බව එරට ජනාධිපති රිසෙප් තායිප් අඩර්ගෝඩ්න් පවසනවා.

ඒ, විපක්ෂය ඇතුලු විවේචකයින් එල්ලකරන දැඩි විවේචනවලට ප්‍රතිචාර දක්වමින්.

එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.

හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී බවත්, රජයේ සූදානම දුර්වල බවත් විවේචකයින් දිගින දිගටම චෝදනා කරනවා. මෙම ව්‍යවසනයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් එරට විපක්ෂයේ අදහසයි.

එහෙත් එරට ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙවන් ව්‍යවසනකාරී කාල පරිච්චේදයකදී අවශ්‍ය වන්නේ එක්සත් භාවය බවයි. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මඩ ගැසීම් නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

විපතට පත්වූවන්ට ආධාර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක් ලබාදීමටයි යුරෝපා සංගමය මේ වන විට තීරණය කර ඇත්තේ. භූමිකම්පාවෙන් පසු රටවල් දෙකේම සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?