භූමිතෙල් පෙවී බිළිඳා මරුට

නිවසේ තබා තිබූ භූමිතෙල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (09) සිදු ව ඇත්තේ යාපනය – කෝපායි ප්‍රදේශයේ දියි.

නිවසේ මුළුතැන්ගෙයි මෙම භූමිතෙල් බෝතලය තබා ඇති අතර මව ආහාර පිසින අවස්ථාවේ දී දරුවා ද මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එහිදී එම දරුවා භූමිතෙල් බෝතලය ගෙන මුඛයේ තබාගෙන ඇති බවත් එම අවස්ථාවේ දී භූමිතෙල් පෙවී ඇති අතරත් කඩිනමින් දරුවා ව යාපනය රෝහලට ගෙන ගිය ද දරුවා ජීවිතක්ෂයට පත් ව ඇති බවත් පැවසෙනවා.

භූමිතෙල් පෙවුණු දරුවා සිහි මුර්ජා වී සිට ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් පමණ වන කුඩා දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල සහ කෝපායි පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?