භූමදානය කළ මෘත ශරීරවල ගෙළ කපා මුදලට විකුණන ජාවාරමක් ගැන මහවින් තොරතුරු

මෘත දේහයක් භූමදානය කිරීමෙන් පසු එම වළ හාරා දේහයේ හිස කොටස කපා රැගෙන ගිය සිද්ධියක් සම්බන්ධයෙන් මහව පොලිසිය විසින් විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඒ, මහව, උදාගම සුසාන භූමියේ භූමදානය කළ මහලු කාන්තාවකගේ මිනී වළ හාරා මීට දින හතරක පෙර එම දේහයේ හිස කොටස කපාගෙන රැගෙන ගොස් ඇති බව පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.

මෙලෙස මළ මිනියේ හිස කොටස රැගෙන ගිය පුද්ගලයින් විසින් එහි ඡායාරූපයක් ගුරුකම් සිදුකර පුද්ගලයින් වෙත යවා එය මුදලට අලෙවි කිරීමට ඇති බවට පවසා තිබෙනවා.

ඔවුන් විසින් මෙලෙස යවා ඇති ඡායාරූපය දැක ඇති පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් භූමදානය කර තිබූ මහලු කාන්තාවගේ දියණියට පවසා ඇති බව සඳහන්.

පසුව එම දියණිය මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර, මේ පිළිබඳව දැනගත් පුද්ගලයින් යළි එම හිස කොටස වළ තුළට ගෙනවිත් දමා ඇති බවයි පොලිසිය එහි ගොස් සිදුකළ විමර්ශනවලදී දැක ගැනීමට හැකිව ඇත්තේ.

අවට ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සුසාන භූමිය තුළ ඇති මිනී වළවල් රැසක් මෙලෙස හාරා ඇති ආකාරය දැකගත හැකි බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින්, රොඩී ගුරුකම් කටයුතු සිදුකරන පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා මෙලෙස මිනී වළවල් හාරා ඒවායේ භූමදානය කර ඇති මළ මිනීවල හිස කොටස කපා රැගෙන යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22