AFC Banner
Empty Ad

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හෙට (11) දහවල් 12.00 සිට විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලනාධිකාරිය තීරණය කළ බවයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිපාණන් වහන්සේ සදහන් කළේ.

එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා; එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර එය පස්වන දිනටත් අද (10) ක්‍රියාත්මකයි.

භික්ෂු විශ්වවිද්‍යාලයේ වෘතිය සමිති නියෝජනය කළ භික්ෂූන් වහන්සේලා දසනමකගේ ශිෂ්‍ය භාවය තාවකාලික අත්හිටුවීමට පාලන අධිකාරිය ගත් තීරණයකට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?