Indian Premier League

භානුකගේ තීරණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් ගත් තීරණය වෙනස් කිරීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කර සිටිනවා.

මිට දින කිහිපයකට පෙර භානුක රාජපක්ෂ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා වූ සිය ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දෙනු ලැබුවා.

භානුක රාජපක්ෂ ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද හමුවූවා.

මේ අතර භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුනොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විවිධ පාර්ශව රැසක් පසුගියදා විවෘත ඉල්ලීම් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?