බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ධුරයෙන් පහකෙරේ

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, කැබිනට් මණ්ඩල යෝජනාවක් මගින් ඔහු ඉවත් කළ බවයි.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම පියවර ගැනුණු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රේමසිරි රත්නායක 2024 වසරේ ජනවාරී මාසයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත් වුණා.

මේ අතර වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස, කසුන් වැල්ලහේවා පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
20
+1
1
+1
3
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?