AFC Banner
Empty Ad
Empty Ad

බෝට්ටුව ගිලී අතුරුදන් වූ දරුවකුගේ මළ සිරුර නෝර්වෙන් මතු වෙයි

සිය දෙමවුපියන් සමග ප්‍රංශයේ සිට ඉංග්‍රීසි ඕඩය හරහා බෝට්ටුවකින් එංගලන්තයට පැමිණීමට තැත් කිරීමේදී මිය ගිය ඉරාන ජාතික මාස 15ක් වියැති දරුවෙකුගේ මළ සිරුර නොර්වේ රාජ්‍යයේ වෙරළට ගසා ගෙන විත් තිබියදී හමු වූ බව නොර්වේ පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම දරුවා සිය පවුලේ සාමාජිකයන් සිවු දෙනකු සමග ඉකුත් ඔක්තෝබර් මාසයේදී බෝට්ටුවකින් එංගලන්තයට පැමිණීමට තැත් කිරීමේදී බෝට්ටුව මුහුදේ ගිලී යෑම නිසා දරුවා අතුරුදන් වී ඇති බවයි සඳහන් වන්නේ.ඉරානයේ කුර්දි ජාතික පවුලකට අයත් මෙම දරුවාගේ මළ සිරුර භූමදානය සඳහා නැවත ඉරානය වෙත භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?