බෝට්ටුවක් පෙරළී අතුරුදන් වූ පිරිස හමුවෙයි

මාරවිල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පසු අතුරුදන්ව සිටි පුද්ගලයන් 4 දෙනා සොයගෙන තිබෙනවා. ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

තොඩුවාව සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් තුන්දෙනෙකු සහ ජපන් ජාතිකයෙකු මෙම පිරිස අතර වනවා.

ඊයේ සවස මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් මුහුදේ ඇතිවූ රළු තත්ත්වය හමුවේ අනතුරට ලක්වී තිබුණා.

එය පැදවූ පුද්ගලයා ගොඩබිම සිටි ධීවරයෙකුට කළ දැනුම්දීමකට අනුව ඔවුන් පිටත්ව ගොස් එම ධීවරයා බේරාගෙන තිබුණා.

අනතුරුව කළ මෙහෙයුමකින් පසුවයි අනෙක් පිරිස සොයාගෙන ඇත්තේ.

මෙම පිරිස ගමන් කළ බෝට්ටුවේ හිමිකාරිනිය විසින් මේ සම්බන්ධයෙන් අද අළුයම 3.30ට පමණයි මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඊයේ (18) 5.30ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් තිබුණා. ඒ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන්.

ඔවුන් මසුන් මරමින් සිටින අතර තුර ඇති වූ වැසි සහිත කාලගුණය සමග බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා.

බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා විසින් මේ පිළිබඳ දුරකතන පණිවිඩයක් මගින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා බේරා ගෙන ගොඩ බිමට රැගෙනවිත් තිබෙනවා. බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයන් 4දෙනා අතුරුදහන්වී ඇති බවයි බෝට්ටු හිමිකාරිය පොලිසියට පැමිණිලි කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?