බෝට්ටුවක් පෙරළී අතුරුදන් වූ පිරිස හමුවෙයි

මාරවිල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පසු අතුරුදන්ව සිටි පුද්ගලයන් 4 දෙනා සොයගෙන තිබෙනවා. ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

තොඩුවාව සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් තුන්දෙනෙකු සහ ජපන් ජාතිකයෙකු මෙම පිරිස අතර වනවා.

ඊයේ සවස මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් මුහුදේ ඇතිවූ රළු තත්ත්වය හමුවේ අනතුරට ලක්වී තිබුණා.

එය පැදවූ පුද්ගලයා ගොඩබිම සිටි ධීවරයෙකුට කළ දැනුම්දීමකට අනුව ඔවුන් පිටත්ව ගොස් එම ධීවරයා බේරාගෙන තිබුණා.

අනතුරුව කළ මෙහෙයුමකින් පසුවයි අනෙක් පිරිස සොයාගෙන ඇත්තේ.

මෙම පිරිස ගමන් කළ බෝට්ටුවේ හිමිකාරිනිය විසින් මේ සම්බන්ධයෙන් අද අළුයම 3.30ට පමණයි මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඊයේ (18) 5.30ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් තිබුණා. ඒ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන්.

ඔවුන් මසුන් මරමින් සිටින අතර තුර ඇති වූ වැසි සහිත කාලගුණය සමග බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා.

බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා විසින් මේ පිළිබඳ දුරකතන පණිවිඩයක් මගින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා බේරා ගෙන ගොඩ බිමට රැගෙනවිත් තිබෙනවා. බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයන් 4දෙනා අතුරුදහන්වී ඇති බවයි බෝට්ටු හිමිකාරිය පොලිසියට පැමිණිලි කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14