AFC Banner
Empty Ad
Empty Ad

බොලිවුඩ් රංගන ශිල්පිනියකගේ මළ සිරුර නිවසක් තුළින් සොයාගෙන

බොලිවුඩ් සහාය රංගන ශිල්පිනියක් වන නූර් මාලබිකා දාස් මියගොස් සිටිය දී පසුගිය දා සොයාගෙන තිබෙනවා.

මුම්බායි හි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඇයගේ නිවස තුළ මියගොස් සිටිය දී ඇය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

37 හැවිරිදි වියේ පසු වූ නූර් මාලබිකා සියදිවි නසා ගැනීමකින් මිය ගොස් ඇති බවයි මුම්බායි පොලිසිය පවසන්නේ.

අසල්වාසීන් විසින් නූර් මාලබිකාගේ නිවස දෙසින් දුර්ගන්ධයක් හමා එන බවට පොලිසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි ඇයගේ මළ සිරුර මෙලෙස සොයාගෙන ඇත්තේ.

නිවසේ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර, ඊට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුම්බායි හි සිද්ධාර්ත් රෝහල වෙත යිමු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඇගේ පවුලේ අය සම්බන්ධ කර ගැනීමට පොලිසිය උත්සාහ කළද, කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර ඒ හේතුවෙන් ඇයගේ අවසන් කටයුතු ඊයේ (09) දිනයේ පොලිසිය මැදිහත්ව සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
13
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?