AFC Banner
AFC Banner
Empty Ad

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස අසල වෙඩි තැබීමක්

ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි හි පිහිටි නිවස අසල අද (14) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද අලුයම 5.00ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවස අසල දී අහසට වෙඩි තබා පලාගොස් අති බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරුවන් මෙලෙස වැඩි තැබීමේ දී එක් උණ්ඩයක් සල්මන් ඛාන්ගේ නිවසේ පළමු මහලට ද වැඩි ඇති බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සඳහා විදේශීය පිස්තෝලයක් භාවිත කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර, මුම්බායි පොලිසිය වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ලෝරන්ස් බිෂ්නෝයි නැමැති මර කල්ලියේ ඉලක්කයක් බවට මෙම ජනප්‍රිය බොලිවුඩ් නළුවා පත්ව ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය වසරේ දී ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?