බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස අසල වෙඩි තැබීමක්

ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි හි පිහිටි නිවස අසල අද (14) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද අලුයම 5.00ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවස අසල දී අහසට වෙඩි තබා පලාගොස් අති බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරුවන් මෙලෙස වැඩි තැබීමේ දී එක් උණ්ඩයක් සල්මන් ඛාන්ගේ නිවසේ පළමු මහලට ද වැඩි ඇති බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සඳහා විදේශීය පිස්තෝලයක් භාවිත කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර, මුම්බායි පොලිසිය වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ලෝරන්ස් බිෂ්නෝයි නැමැති මර කල්ලියේ ඉලක්කයක් බවට මෙම ජනප්‍රිය බොලිවුඩ් නළුවා පත්ව ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය වසරේ දී ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06