බොරැල්ල අනතුරේ දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – හිමිකරුට ඇප

බොරැල්ල කනත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, අනුව එම රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි රථ වාහන අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් නියෝග කළේ.

මේ අතර අධිකරණයට ඉදිරිපත් කළ දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

බොරැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර, එම මාරක රිය අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයන් දෙදෙනා ඊයේ (28) අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?