spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බොරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක්

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඉතා රහසිගත අන්දමින් සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරමකට සම්බන්ධ වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මීට පෙර අනාවරණය කරගත් මහා පරිමාණ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මේ සම්බන්ධයෙන් කරුණු හෙළිව තිබෙනවා.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සූදානම් කර ඇති අතර, වකුගඩු ලබාදුන් අය සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් අදාළ තරුණයා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි හෙළිව ඇත්තේ.

අදාළ තරුණයාට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසින් වෘෂණ කෝෂ ගනුදෙනුව සඳහා එම රෝහල සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇති වූ සැකය හේතුවෙන් අදාළ තරුණයා සිය වෘෂණ කෝෂයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

මෙම මහා පරිමාණ ජාවාරම ඉතා සූක්ෂම අයුරින් ජාලගතව සිදුකරගෙන යන එකක් බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙරට සිටින ජාවාරම්කරුවන් මෙන්ම විදේශීය ජාවාරම්කරුවන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධවී ඇති බවයි මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?