Update – බොරැල්ලේ අනතුර සිදුවන අවස්ථාවේ දොඹකරයේ රියදුරු ගංජා පානය කර ඇති බවට හෙළිවෙයි (වීඩියෝ)

බොරැල්ල, කනත්ත හන්දියේ දී අද (28) උදෑසන සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අත්අඩංගුවට ගැනුණු රියදුරාට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුවයි.

රාජගිරියේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ දොඹකරයක් බොරැල්ල කනත්ත අසළ දී රියැදුරුගේ පාලනයෙන් ගිහිලී තවත් වාහන කිහිපයක් අනතුරට ලක්කර ඉදිරියට ධාවනය වී මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

තවත් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් බොරැල්ල කනත්ත වටරවුම මාර්ගයේ සංඥා අසළ නවතා තිබූ මෝටර් රථ තුනකට සහ යතුරුපැදි හයකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
14
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?