බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

බොරතෙල් බැරලයක මිල මේවන විට ඩොලර් 80 ඉක්මවා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ.

ලෝක වෙළඳපොළේ අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 80.58ක් ලෙසින්. මෙය සියයට 4ක පමණ මිල ඉහළ යාමක්.

යේමනයේ හූති කැරළිකරුවන් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හමුවේ ඉන්ධන ප්‍රවාහන නෞකා එම මාර්ගය මගහැර යාම මෙම මිල ඉහළ යාමට හේතුව ලෙසටයි සැලකෙන්නේ.

හූති කැරලිකරුවන් පවසන්නේ, ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු තමන් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන බවයි.

මේ හේතුවෙන් බොරතෙල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යේමනයේ සිට ක්‍රියාත්මක වන ඉරානයේ සහය ලැබෙන හවුති සටන්කාමීන් විසින් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය යේමනයේ හඳුනාගත් හවුති ඉලක්ක වෙත ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ මේ හේතුවෙන් යේමනය පුරා පිපිරීම් වාර්තා වූ බවයි.

හවුති සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ අවශ්‍ය නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තමා පසුබට නොවන බවයි.

මෙම ඉලක්කගත ප්‍රහාර එක්සත් ජනපදය සහ පාක්ෂික රටවල් ඔවුන්ට එරෙහි ප්‍රහාර නොඉවසන බවට සහ නාවික නිදහසට බාධා කිරීමට ඉඩ නොදෙන බවට සතුරු ක්‍රියාකාරීන්ට පැහැදිලි පණිවිඩයක් බවද ඔහු අවධාරණය කළා.

එසේම, බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාර වෙළෙඳ නැව් ගමනාගමනයට තර්ජනය කළ හවුතිවරුන්ගේ හැකියාවට පහරක් එල්ල වී ඇති බවට වන මුල් ඇඟවීම් බවයි.

පලස්තීනුවන්ට සහ ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය කණ්ඩායම වන හමාස් සංවිධානයට සහය දැක්වීමක් ලෙස රතු මුහුදේ ගමන් කරන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවයි ඉරානයේ පිටුබලය ලබන හවුති සටන්කාමීන් ප්‍රකාශ කළේ.

ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඩ්‍රෝන යානා, බැලිස්ටික් සහ කෲස් මිසයිල, වෙරළබඩ රේඩාර් සහ ගුවන් නිරීක්ෂණ පද්ධති උපයෝගී කරගනිමින් හවුති හැකියාවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි.

ඔස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව සහ නෙදර්ලන්තය මෙහෙයුමට සහය දුන් බවත්, යුරෝපය සහ ආසියාව අතර නිදහස් වෙළෙඳ ප්‍රවාහය යථා තත්ත්වයට පත් කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් ප්‍රකාශ කළා.

යේමනයේ හවුති ඉලක්ක වෙත අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප‍්‍රහාර එල්ල කිරීමට පැය කිහිපයකට පෙර, අමෙරිකාව පැවසුවේ හවුතිවරුන් විසින් ඒඩන් බොක්කෙහි ජාත්‍යන්තර නැව් මාර්ගයේ ගමන් ගන්නා නෞකාවලට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

පසුගිය දෙසැම්බර් අග සිට රතු මුහුදේ නැව් 27කට හවුති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එම නිසා ලොව ප්‍රකට වෙළෙඳ නැව් සමාගම් රතු මුහුදේ නැව් ගමනාගමනය අත්හිටුවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26