බේරුවලින් පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවර පිරිස දින 10කට පසු හික්කඩුවට

පසුගිය අප්‍රේල් මස 26 දින බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ‘මිනු බබා 01’ බහු දින යාත්‍රාව දින 10කට පසු, අද (29) දින නැවත හික්කඩුව ධීවර වරාය වෙත පැමිණියා .

ධීවරන් හය දෙනෙක් සහිතව පිටත්ව ගිය මෙම ධිවර යාත්‍රාව කාර්මික දෝෂයට ලක්ව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් කිලෝමීටර් 300ක් පමණ දුරක අතරමංව සිටි අතර යාත්‍රාව සතු වූ ඉන්ධන ද අවසන් වී තිබෙනවා.

පසුව වෙනත් ධීවර යාත්‍රාවක් සමඟ සම්බන්ධ වීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන හා ආහාර ලබා ගැනීමට හැකිවූ බවත් ඒ අනුව ලබාගත් ඉන්ධන අනුව ඔවුන්ට මෙලෙස හික්කඩුව ධීවර වරාය වෙත පැමිණීමට හැකිවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted